ගෝලීය සාගින්නේ තරම

වර්තමානයේදී ලෝකයේ කුසගින්න, සාගින්න එසේත් නොමැති නම් ආහාර අර්බුදය විශාල ගැටලුවක්‌ වී ඇත. සාගින්නේ මූලිකම ස්‌වරූප වන්නේ මන්දපෝෂණය සහ දුෂ්පෝෂණයයි. මන්දපෝෂණය යනු ප්‍රමාණවත් පරිදි ආහාර නොමැති වීමයි. දුෂ්පෝෂණය යනු ආහාර ලැබුණද ඉන් ශරිරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය නොලැබී යාමයි. ලොව පුරා මන්දපෝෂණයෙන් මෙන්ම දුෂ්පෝෂණයෙන්ද පීඩා විඳින්නන් අපමණය. ලෝකයේ සෑම පුද්ගලයින් පස්‌දෙනෙකුගෙන් එක්‌ අයෙක්‌ මන්දපෝෂණයෙන් පෙළෙයි. නමුත් කාලෙන් කාලෙට එහි විවිධ වූ ප්‍රවණතාවන් ඇති වේ.14054003_1668743903445153_385437487134232260_n

ලෝකයේ ආහාර අර්බුදය සඳහා පදනම් වූ සාධක කිහිපයක්‌ පවතී. ඉන් කිහිපයක්‌ පහත දක්‌වා ඇත.

Ö ලෝක ජන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීම.

වර්තමානයේ ලෝක ජන සංඛ්‍යාව බිලියන 7 ඉක්‌මවා තිබේ. ඉන් ජන සංඛ්‍යාව අධිකව ජීවත්වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මෙම සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයක්‌ කෘෂිකාර්මික වුවත් මෙම රටවල මුළු ජනගහනයෙන් 12.9% කුසගින්නේ ජීවත්වන බවයි.

Ö ආහාර පරිභෝජන අසමානතාවය.

ආදායම් බෙදී යාමේ විෂමතාවය මත ආහාර පරිභෝජන අසමානතාවය ඇති වේ. දුර්වල ආර්ථිකයන් නිසා බොහොමයක්‌ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට සිය ආහාර පරිභෝජනය අවශ්‍යම පරිදි ලබාගැනීමට නොහැකි වී ඇත.

Ö දේශගුණික විපර්යාසවල බලපෑම.

දේශගුණික තත්ත්වයන්ගේ වෙනස්‌ වීම මත ආහාර නිෂ්පාදනය අඩු වේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා ජලගැලීම් හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදනය 2030-2049 කාලය තුළ 25% කින් අඩුවන බවයි.

Ö දරිද්‍රතාවය.

ලෝකයේ දරිද්‍රතාව සහ සාගින්න අතර සමාන ව්‍යාපෘතියක්‌ දක්‌නට ලැබේ. දරිද්‍රතාව නිසා මිනිසුන්ට ආහාර මිලදී ගැනීමේ හැකියාව අවහිර වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා තම ආදායමෙන් 70-80% ක්‌ ආහාරවලට වැය කළද ඉන් දිනකට අවශ්‍ය අවම කැලරි ප්‍රමාණයවත් ලබාගත නොහැක.

Ö ගොවි බිම් අහිමි වීම.

වගා කරන භූමි ප්‍රමාණය අවම වූ විට ලබන නිෂ්පාදන ප්‍රමාණයද අඩු වේ. ගොවිබිම් කැබලි වීම, සංවර්ධිත රටවල අධික මස්‌ ඉල්ලුම සැපයිමට බහුජාතික සමාගම් අප්‍රිකානු කලාපයේ ගොවිබිම් අත්පත් කරගෙන සත්ත්ව පාලනය සිදු කිරීම, වෙනත් සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා භූමිය යොදා ගැනීම ආදිය මීට හේතු වේ.

Ö ආහාර මිල ඉහළ යාම.

ආහාර අතිරික්‌ත තිබුණද සංවර්ධිත රටවල බහුජාතික සමාගම් වෙළෙඳපොළට ආහාර නිකුත් නොකර ආහාර මිල ඉහළ නංවයි. මේ නිසා බොහෝ සාමාන්‍ය ජනයාට පෝෂයිදායි ආහාර මිලදී ගැනීමේ හැකියාව අවහිර වේ. 2013 වන විට සංවර්ධනය වන රටවල ආහාර මිල ගණන් 21% කින් ඉහළ ගොස්‌ ඇත. සංවර්ධිත රටවල දිළිඳු ජනතාවගෙන් 20% ක්‌ ඔවුන්ගේ ආදායමෙන් 60% ක්‌ ආහාර මිලදී ගැනීමට මුදල් වැය කිරිම මීට උදාහරණ වේ.

Check Also

සාරංගගේ විවාහය දෙදරා යෑමට සෑබැ හේතුව සාරංගගේ මව පළමු වරට මාධ්‍යට හෙළි කරයි

තිලකා රණසිංහ කියන්නේ දක්ෂ නිවේදිකාවක්. ඒවගේම ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගේ ආදරණීය මව. ඇයගේ සැමියා ගායකයෙක්. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super