පිළිකා නසන මඤ්ඤොක්කා අලබීම

පිළිකා සුව කිරීම සඳහා නිස්චිත විකල්ප ක‍්‍රමයක් ලෙස මෙහිලා සාකච්ඡ කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප‍්‍රතිශක්ති චිකිත්සාව ආදී උසස්ම ක‍්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට තැත් කිරීම බුද්ධිමත් නොවනු ඇත.
එසේ උවත්, පිළිකාවලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොතකා හැර, යතෝක්ත ප‍්‍රතිකාර ක‍්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද මුළුමනින් අසාධාරණය. පිළිකා වැළැක්වීමටත්, ප‍්‍රතිකාර වලින් ලැබෙන සුවය ප‍්‍රගුණ කිරීමටත්, එකීස්වභාවික ශක්තීන් ප‍්‍රයෝජනයට ගත හැකිය.
මඤඤොක්කා අල ප‍්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක්…
පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ විසින් බොහොම කලකට පෙර, මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාරයෙන් උග‍්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙයි.
මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාර ක‍්‍රමය මෙසේය.
* අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරන්න.
* දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
* දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වනු ඇත.
* ඉහළින් ඇති ජලය වැනි අවර්ණ දියර කොටස ප‍්‍රවේශමෙන් වෙනත් බඳුනකට වෙන් කර ගන්න.
* එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න. (මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසැතිය)
* ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතුය.
*මෙසේ ක‍්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත‍්‍රාවයි)
* පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න. අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 7 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 6 හමාරක් විය යුතුය.)
* මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත‍්‍රාව ඉක්මවා නොයැමයි.
*මෙම ද්‍රවණයේ රසය, ප‍්‍රසන්න කර ගැනීම සඳහා දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.
* මෙම ප‍්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි වෙනවා. (වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග‍්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර ඇත.
* මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද
ප‍්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප‍්‍රකාශ කර තිබිණි.
* ළමුන් සඳහා භාවිත කිරීමේදී ප‍්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීමයි.
* මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිබෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද යෝග්‍ය විමයි.
පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව.
මඤ්ඤොක්කා අල සහ ඇප‍්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන නිසාවෙන්, සහ එය සාමාන්‍ය නිරෝගී ෙසෙල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසේ.
පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක්.
මඤ්ඤොක්කා අල ග‍්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග‍්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග‍්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග‍්‍රෑම් 100 ක් පමණ තිබෙන බවත් සොයා ගෙන තිබෙනවා.
මෙයට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කරති.
(මෙම ලිපිය කියවා කිසිවෙකු හෝ ප‍්‍රයෝජනයක් ගත්තොත්, එයින් ලැබෙන පිනෙන්, මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව පිළිබඳව ලාංකිකයින්ගේ ඇස් පෑදු විශේෂඥ වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියට දීර්ගායුෂ ලැබෙන්නට, හේතු වේවා කියා ප‍්‍රාර්ථනා කරමි.)

මඤ්ඤොක්කා ගුණ අගුණ

දෙශිය අල වර්ග ගණයට ගැනෙන මඤ්ඤොක්කා ප්‍රධාන ආහාර වේලකට ගත හැකි කදිම අල වර්ගයකි. Manihot esculenta යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මඤ්ඤොක්කා සිංහල ජනයා අතර ජනපි‍්‍රය ආහාරයකි. උදෑසන ආහාර වේලකට හොඳින් තැම්බූ මඤ්ඤොක්කා පොල් හා ලුණු මිරිස් සමඟ හෝ පොල් සම්බෝල සමඟ ආහාරයට ගැනීම ඉතාම ගුණදායකය. එයින් ශරීරයට සෑහෙන ශක්ති ප්‍රමාණයක් ලබා දෙයි.
විවිධාකාර ක්‍රමවලට සකසා ගත හැකි මඤ්ඤොක්කා ව්‍යාංජනය ද කදිමය. කල්තබා ගැනීම සඳහා මඤ්ඤොක්කා හොඳින් තම්බා, පෙති කපා වේලා ගත හැකිය. පිෂ්ටය අඩංගු ආහාරයක් වන මඤ්ඤොක්කාවල ජලය වැඩිපුර අඩංගුය. කැල්සියම්, විටමින්, සෝඩියම් වැනි පෝෂණ ගුණයන් ද මේ අල වර්ගයෙහි අඩංගුව ඇත.
මඤ්ඤොක්කාවල ගුණ
* දියවැඩියාවට ගුණදායකය.
* ඔබ තම්බන ලද මඤ්ඤොක්කා ආහාරයට ගන්නේ නම් ඔබගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ඇත.
* මඤ්ඤොක්කා කොළ අධික රුධිර පීඩනයට, හිසරදයට, ශරීරයේ වේදනාවට ගුණදායක වේ.
* පුංචි ළමයින්ට ඇතිවන මලපිටවීමේ රෝගයට (Irritable Bowel Syndrome) බෙහෙවින් ගුණදායක ඖෂධයකි.
* අක්මා රෝගවලට ගුණදායකය.
මඤ්ඤොක්කාවල අගුණ
* මඤ්ඤොක්කා ඉඟුරු සමඟ කෑම සුදුසු නොවේ. ඉඟුරු දමා තේ බීම, ඉඟුරු කොත්තමල්ලි වැනි පානයන් බීමේදී ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් වන්නේ මඤ්ඤොක්කා ආහාරයට නොගැනීමයි.
සමහර විටෙක ගෘහණියක උයනා මස් ව්‍යාංජනයකට ඉඟුරු දැමිය හැකිය. එහෙත් එහිදී ඇය ව්‍යාංජනය සඳහා ඉඟුරු භාවිතයට ගන්නේ මද වශයෙන් බැවින් එම ව්‍යාංජනය සමඟ මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇත.
* මඤ්ඤොක්කාවල සහ මුලේ පොතුවල ලිනමරින් නම් රසායන සංයෝජනය අඩංගුය. එන්සයිම ක්‍රියාවලීන් මගින් හයිඩ්‍රජන් සයනයිට් (HCN) නමැති විෂ ද්‍රව්‍ය නිපදවෙයි. එමනිසා මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේදී අලුත් අල ආහාරයට ගැනීමට වගබලා ගන්න. නැතිනම් මඤ්ඤොක්කා අගුණ විය හැකිය.
* තැලී ගිය අල, පොත්ත තුවාල වූ අල, නිල් පැහැති වූ අල කෑමට ගැනීමෙන් ඔබට රෝහල් ගතවීමට පවා සිදුවනු නියතය.
මන්ද එහි විෂ ද්‍රව්‍ය නිපදවීම සිදුවී ඇති බැවිනි. විශේෂයෙන්ම මඤ්ඤොක්කා අලය නිල් පැහැ ගැන්වී තිබීම එම අලයෙහි විෂ නිපදවී ඇති බවට ඉඟියකි.
* මඤ්ඤොක්කා තැම්බීමේදී ඒවා තම්බන භාජනයෙහි පියන ඉවත් කර තැම්බීමට අමතක නොකරන්න. එසේ පියන ඉවත් නොකර තැම්බීමෙන් ඔබට මඤ්ඤොක්කා අගුණ වේ. අප එසේ පවසන්නේ පියන ඉවත් කර තැම්බීමේදී එහි ඇති විෂ කොටස් වාෂ්ප සමඟ පිටවන නිසාවෙනි.
* මඤ්ඤොක්කා තැම්බීමේදී වතුර හිඳෙනතුරුම තම්බන්න එපා. එවිට ඔබට මඤ්ඤොක්කා අගුණ වීම වැළැක්විය නොහැකිය. මඤ්ඤොක්කාවල වතුර වැඩිපුර තැබීමෙන් එම වතුර පෙරන විටදී එහි විෂ එම වතුර සමඟ ඉවත්වෙන බැවින් එසේ කළ යුතු වෙයි.
* මඤ්ඤොක්කා අලවල නාරටිය සමඟම තම්බා ආහාරයට ගැනීමෙන් අගුණ වේ. එනිසා මඤ්ඤොක්කා අල ආහාරයට ගැනීමට හෝ අලවල මැද නාරටිය ඉවත් කරන්න.
* මඤ්ඤොක්කා කොළ බොහෝ ගෘහනියෝ මැල්ලුමක් ලෙස සකස් කර ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති මැල්ලුම සකස් කිරීමේදී කොළ සිහින්ව ලියාගැනීමට ඔවුහු පෙළඹෙති. එවිට යම් අගුණ තත්ත්වයක් ඇතිවිය හැක. මේ කොළ මැල්ලුමක් ලෙස සකස් කර ගැනීමේ සුදුසුම ක්‍රමය වන්නේ කොළ උණු වතුරෙන් තම්බා සිහින්ව ලියා ගැනීම හෝ කොළ පිරිසිදු ජලයෙන් සෝදා වංගෙඩියක කොටා ගැනීමෙන් සාදා ගැනීමයි.
* මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසුව සමහර අයෙකුට අත්පාවල හිරිගතිය ඇතිවිය හැකිය.
* ශරීරයේ සමතුලිතතාවය අඩුවීම විය හැකිය.
* ප්‍රෝටීන් බහුල නොවන මෙම ආහාරය නිතර නිතර කුඩා ළමුන්ට කෑමට දීමෙන් ඔවුන් ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙළීමට ඇති ඉඩකඩ වැඩිය.
* අධික ස්ථූලතාවයෙන් පෙළෙන අයට ගුණදායක නොවේ..

 

“මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබෙන පිළිකා රෝග තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාර ක‍්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක‍්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප‍්‍රතිචාරයක් ලෙසය.
මා, පිළිකා රෝගය ඇතුලු බෝ නොවන රෝග පිළිබඳව වන, බටහිර හා විකල්ප වෛද්‍ය ක‍්‍රම පිළිබඳව වන තොරතුරු ගවේෂකයෙකු සහ ඉදිරිපත් කරන්නෙකු පමණක් වන බවත්, ඒ හා සම්බන්ධ වෘත්තිකයෙකු හෝ පර්යේෂකයෙකු නොවන බවත්, මෙහිලා අවධාරණය කර සිටිමි.”

මුදුන (Muduna)

Check Also

දරුපල නැති අම්මලාට ලබන්න

දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක් විවාහක යුවළකගේ එකම ප්‍රාර්ථනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super