වාහන තදබදයට තිත තබන බස් රථයක් චීනයෙන්

පසුගිය මැයි මාසයේ බොහෝදෙනා අතර කතා බහට ලක්වුණේ චීනය මාර්ග තදබදය මගහරවමින් වාහන තදබදය පවතින අවස්ථා වලදී ගමන් කල හැකි නවතම බස් රථයක් නිර්මාණය කිරිමට සැලසෙන බවයි. මෙය Transit Elevated Bus ලෙස ඔවුන් නම් කර තිබුනා. නමුත් මේ බස් රථය මෙතරම් ඉක්මනින් නිර්මාණය වනු ඇතැයි බොහෝදෙනෙක් අපේක්ෂා කලේ නෑ. කොහොමහරි මේ බස් රථය නිර්මාණය කරලා පළමු පර්යේෂණ ගමන් වාරයත් ගියා කියල තමයි චීනය දෙසින් වාර්තා වෙන්නේ.

elevated-bus-beijing-china-1b

මේ බස් රථය සඳහා අදහස යෝජනා කෙරුනේ පසුගිය මැයි මාසයේ පැවති බීජිං ජාත්‍යන්තර අධි තාක්ෂණික එක්ස්පෝ ප්‍රදර්ශනයේදී. ප්‍රදර්ශනය පැවති සමයේ මෙය නිර්මාණය කරන Jinchuang සමාගම පවසා සිටියේ මේ බසය අගෝස්තු මාසය වන විට සාදා නිමකිරීමට හැකි බවයි. පැවසූ ආකාරයටම ඔවුන් එය සාදා නිමකර තිබෙනවා. මේ බස් රථය විශේෂ පීලි මත ගමන් ගන්නවා.
තවත් වසරක කාලයක් තුල මෙහි වැඩ සම්පුර්ණයෙන්ම අවසන් කරන බව මේ සමාගම පවසා සිටිනවා.

transit-elevated-bus-first-test-ride-qinhuangdao-china-1 transit-elevated-bus-first-test-ride-qinhuangdao-china-2 transit-elevated-bus-first-test-ride-qinhuangdao-china-3

Check Also

කි.මී 378ක් ධාවනය කරන නිසාන් ලීෆ් වෙළෙඳ පොළට

පරිසර හිතකාමී මෝටර් රථ අතර ලොව වැඩිම අලෙවියක් ඇති රථය ලෙස ප්‍රකට නිසාන් ලීෆ් රථයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super