මහේල ස්මිත්ට ගහන්න දාපු Tweet එක

ඔස්ට්‍රේලියාව පළවෙනි පාරට ලංකාවෙන් ටෙස්ට් සීරීස් එකක් වයිට් වොෂ් වෙන්නම කෑව. ලැජ්ජයි තමයි. ඒකත් වැ‍ඩියෙම්ම ස්ටීවන් ස්මිත්ට. ඊට පස්සෙ යාංතං ගාටගෙන ගිහිල්ල ඕවර තුනකුයි විකට් තුනකුයි ඉතුරු තියෙද්දි පළවෙනි වන්ඩේ මැච් එක ගැහුවා. ඒකෙ ගෞරවේ ටීම් එකේ ඔක්කොම එවුං බෙදාගත්තා. ඔන්න ඉතිං පොරත්වයේ සිහින දැකලා අඟහරුවාදා දවල් වෙන්න ඇහැරිලා දෙවනි මැච් එක ගැහුව විතරයි. බඩු පැකට්! ලකුණු අසූගානකින් පරාදයි. ඒකත් ආයි ස්මිත්ගෙ කරේ.

ඕකට දුක හිතිලා පොර කැප්ටන්සියත් කෝනර් වෝනර්ට දීලා ගිහින් ප්‍රැක්ටිස් කරනවලු. හේතුව ඇහුවම විළි ලැජ්ජාවෙ බැරිකමට කියල තියෙන්නෙ ඊලඟ සවුත්තු ඇෆ්‍රිකා සීරීස් එකට සූදානං වෙන්නයි කියලා.

ඇත්තටම ඉතිං හිතනවකො ඕලෙවල් මැද්දෙන් ලියන ගමන්, ඒක ලියන එක නවත්තල ගෙදරට වෙලා ඉඳිද්දි අම්ම ඇයි කියල ඇහුවම ඒලෙවල්වලට සූදානං වෙනව කියල කිවුව වගේ ගොං උත්තරයක්නෙ ඒක.

කොහොමද ඕකට මහේල දාපු කිංඩිය?

 

 

Mahela-and-Smith-06

හේරා ටෙස්ට් ටික වනසලා වනසලා නැවතුනා. ෆිෆ්ටිෆිෆ්ටිවල දකින්න නැතත් ආයෙ එයිද කියල බයයි. ලංකාවෙ හැටි එහෙමනෙ. ඒ අස්සෙ මාස ගනංවලට නැගිටින්නෙ නෑ කියපු මාලිංගයා අන්න ප්‍රැක්ටිස් කරනවා. ඒකට ස්මිත්ගෙ හොඳටම හිත රිදිලා. ඊටපස්සෙ ආරංචි වුනේ ඩිලා යනව කියලා. ඒ කියන්නෙ තුන්වෙනි මැච් එකේ හොඳට ගහයි. ඒකියන්නෙ හතරවෙනි එකේ ඉඳං කුසලා ඕපන් කරයි. බණ්ඩාරනායකෙන් යන්න කලිං ආපු පැත්ත හැරිලා බලනකොට ලංකාවෙ එකෙක් කිංඩියට මංජුලා තිළිණිගෙ පින්තූරයක් පෙන්නලලු.

Check Also

වැඩි වියදම් නොකර වෙඩිමක් ගන්න

ලංකාවේ විදියට නං අඩුම ගාණේ ලස්ස කීපයක් කුඩුවෙනවාමනේ. ඒ කියන්නේ ලෝන් ගහලා, අතමාරු අරගෙන, ඉඩකඩං …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super