ඔබ බොහෝ අවස්ථා වල දැක ඇති ඔලිම්පික් ක්රීඩා තරඟවලින් ජයග්රහණය කරන තරඟකරුවන් ඔවුනට හිමි පදක්කම් හපන බව. මේ සිදුවීම අපි නිතරම දකින නිසා එය එතරම් ගණනකට නොගත්තත් මේ පසුපස ඇති සැබෑ අර්ථය පිළිබඳව ඔබ මොහොතකටවත් සිතා බැලුවා ද ?
මේ ආකාරයේ ක්රියාවක් මුලින්ම දැකගැනීමට හැකිවන්නේ 1991 වසරේ පැවති ඔලිම්පික් උළෙලේදී යි.
මිනිසුන් අතීතය සිටම රත්රන් වල ප්රමිතිය මැනීමට එය සපා බැලීමට පුරුදු වී සිටි බව දැනගන්නට ලැබෙනවා. ඒ එය මෘදු ලෝහයක් වූ නිසායි. නමුත් වර්තමානයේ තිබෙන ඔලිම්පික් පදක්කම් වල 93% ක් ම අන්තර්ගත වන්නේ රිදී ලොහය යි.
පදක්කම් හපන අය අතර ඒ වෙනුවට එයට හාදුවක් දෙමින් ආදරය හා ගෞරවය පුදකරන අය ද නැතුවා ම නොවෙයි.

