කංඡායුධ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න

භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තවත් හෝරා කිහිපයයි තිබෙන්නේ. දැන් කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්න

නිළ වෙබ් පිටුවක් Arimac Lanka අායතනය මේ වෙනකොට හඳුන්වා දී තිබෙනවා. දෙසැම්බර් 13 ( හෙට දිනයේ ) වෙනිදා සිට කංඡායුධ පරිගණක ක්‍රීඩාව www.kanchayudha.com වෙබ් පිටුව හරහා ඔබට ඩවුන්ලෝඩ් කිරීමට අවස්ථාව උදාවෙනවා. මෙම වෙබ් පිටුව හරහා ඔන්ලයින් රුපියල් 2850.00 ක් ගෙවීම් කරලා කංඡායුධ පරිගණක ක්‍රීඩාවේ වින්ඩොස් සංස්කරණය බාගත කරගන්න පුළුවන්.

cover

ඉදිරියේදී DVD හරහාද නිකුත් වන අතර, පසුව මැක් ඕඑස් (mac OS) , ප්ලේස්ටේශන් 4 (play station 4) සහ එක්ස් බොක්ස් වන් (xbox one) සඳහා නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් සඳහා ද (ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් සහ වින්ඩෝස්), වර්චුවල් රියැලිටි (HTC vive, Oculus Rift and OSVR) සඳහාද මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කරලයි තියෙන්නේ.

 

මෙහි කතාව ගැන කියනවා නම්, අතීත ශ්‍රී ලංකාවේ වාසය කල ශක්තිවන්තයෙකුගේ වෘතාන්තයක් වටා ගෙවුණු, ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක පරිගණක ක්‍රීඩාවකි. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වීමයි. මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතය.

 

එ් වගේම කංඡායුධ ගේම් එක low graphics යටතේ play කරන්න windows පරිගණකයේ තිබිය යුතු අවම සුදුසුකම් පහතින් ඔබට බලාගන්න පුළුවන්.
OS : Windows 7, 8, 8.1,10
Processor : Intel Core 2 Duo 1.8 GHz or AMD Athlon 64 X2 2.4 GHz
RAM : 1.5 GB
Video Card : 256 MB
DirectX Version : DirectX 9.0

 

 

මෙම පරිගණක ක්‍රීඩාව සම්බන්ධ ඔබගේ අදහස් පහතින් පළකරන්න.

Check Also

රජ කාලේ සිංහල ප්‍රභූන් පිටුවහල් කල ලස්සන මුරුසි දිවයින

අපි දැනට නම් අපේ රටේ මහ ජාතිය තමයි පස්සෙ කොයි කොහොම වෙයිද දන්නෙ නෑ ..අපේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super