මුහුණේ ලස්සන තවත් වැඩි කරගන්න ගෙදරදී පහසුවෙන්ම කළහැකි මුහුණු සම්බාහන සහ ව්‍යායාම

තමන්ගෙ සුන්දරත්වය ඔප් නංවගන්න කැමති කෙනෙක් අනිවා ප්‍රධාන තැනක් දෙන ශරීර අංගයක් තමයි මුහුණ කියන්නෙ. මුහුණේ සමේ නිරෝගී කම වැඩි දියුණු වෙන ආකාරයේ සත්කාර කරන්නටත්, මුහුණේ ලස්සන ඉස්මතු වෙන ආකාරයේ රූපලාවණ්‍ය හැඩ ගැන්වීම් කරන්නත් තමයි අපි බහුතරයක් පුරුදු වෙලා ඉන්නෙ. ඒත් ඒ විතරක් ඇතිද?

ඇත්තටම කිවුවොත් උත්තරය වෙන්නෙ “නැහැ” කියන එක. මුහුණේ ලස්සන වැඩි කරගන්න බියුටි ප්‍රඩක්ට්ස් භාවිතා කිරීමට අමතර තවත් කරන්න පුලුවන් වැදගත් දේවල් දෙකක් තියනව. ඒ තමයි මුහුණ සම්බාහනය (Massage) කිරීම සහ මුහුණට ව්‍යායාම ලබාදීම. මේ දේවල් කිරීම මගින් මුහුණේ රුධිර සංසරණය ක්‍රමවත් වෙලා, සම එල්ලා වැටීම, රැළි වැටීම, සමේ තරුණ පෙනුම රැකගැනීම වගේ ගොඩක් ප්‍රතිඵල ළඟා කරගැනීමේ හැකියාව තියනව.

අපි අද කියන්න යන්නේ තමන් විසින්ම සරළවම තමන්ගෙ මුහුණට කළහැකි සම්බාහන සහ ව්‍යායාම කීපයක් ගැනයි. මේ දේවල් කරන්න මහ ලොකු කාලයක් වැය වෙන්නේ නැහැ. ඔයාගෙ දවසින් විනාඩි 5ක් විතර වෙන් කරගෙන උනත් මේ දේවල් වල නිරත වෙන්න පුලුවන්. මේ ව්‍යායාම සහ සම්බාහන සියල්ලම එකවර හෝ කොටස් වශයෙන් උනත් කරන්නට පුලුවන්.

මුහුණ මසාජ් කිරීමට පෙර මේ දේවල් වලට අවධානය යොමු කරන්න

අපි මේ කියන්න යන මසාජ් ක්‍රම අනුගමනය කරන්න කළින් ඔබේ දෑත් හොඳින් පිරිසිදු කරගැනීම අනිවාර්යය කරුණක්. ඒ වගේම ඔබේ මුහුණත් හොඳින් පිරිසිදු කරගෙන සිටිය යුතුයි. වියළි සමක් මසාජ් කරන්න යාමෙන් සමට හානි වෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා ඔබේ සමට ගැලපෙන මොයිස්චරයිසර් එකක් හෝ ස්කින් ඔයිල් එකක් මසාජ් කරද්දි සමේ ආලේප කරගත හැකියි. ඔබ දැනටමත් පාවිච්චි කරන මොයිස්චරයිසර් එකක් තියනවනම් ඒක මේ වැඩේට යොදාගන්න පුලුවන්. තමන්ගේ හිසකෙස් මුහුණට නොවැටෙන පරිදි පසුපසට කර ගැටගසා ගන්නත් මතක තබාගන්න. ඒ වගේම මසාජ් කිරීමේදී ඕනෑවට වඩා සම තෙරපන්න යන්නටත් එපා.

1) ඇස් යට කලුවීම අඩු කරගන්න මසාජ් එකක්

FaceMassages--yako.lk--01

ඇස් කියන්නෙ අපේ මුහුණ දිහා බලන කෙනෙක්ගෙ අවධානය මුලින්ම යොමුවෙන තැනක්. මේ කියන්න යන්නෙ හුඟ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් වෙන ඇස් යට කලුවීම වළක්වන්න කරන්න පුලුවන් මසාජ් එකක් ගැනයි.

ඔයාගේ අත් දෙකේ මැඳැඟිලි භාවිතා කරල ඇස් වටේ ඇති ස්ථාන හයක් තෙරපන්න තමයි තියෙන්නෙ. ඇස් දෙකටම එකවර තමයි මේ මසාජ් එක කරන්න ඕනෙ. මෙන්න මේ පිළිවෙලට

  • මුලින්ම තමන්ගේ ඇහිබැම පටන්ගන්න ස්ථානය මැද ඇඟිල්ලෙන් මදක් ඉහලට තෙරපන්න (තත්පරයක 2ක කාලයක්)
  • ඊළඟට ඇහිබැම වල මැද ඒ ආකාරයෙන්ම තෙරපන්න
  • තුන් වැනියට ඇහි බැම වල අග
  • සිවු වැනියට තමන්ගේ ඇහේ අග කෙළවර තෙරපන්න
  • ඊළඟට තමන්ගේ පහල ඇහි පිල්ලමේ හරි මැද
  • අවසානයට තමන්ගේ ඇහේ මුල් කෙළවර තෙරපන්න

මේ ආකාරයට පිළිවෙලට 15 – 20 වතාවක් දිනකට කිරීමෙන් ඇස් වටා අඳුරු ස්වභාවය සහ ඉදිමුණු ස්වභාවය අවම කරගන්න පුලුවන්.

 

2) ඇස් වල තරුණ පෙනුම රැකගැනීමට

FaceMassages--yako.lk--01

 

මේකත් ඇස් අවට ප්‍රදේශයේ අවපැහැ ගැන්වීම, සම එල්ලාවැටීම් අඩු කරන සම්බාහනයක්. අපි මුලින් කියපු මසාජ් එක කිරීමෙන් පස්සෙ උනත් මේ මසාජ් එක කරන්න පුලුවන්. මෙහෙමයි පියවර

  • ඇස් හොඳින් පියාගන්න (දැන්ම නෙමෙයි. මේ පියවර ඔක්කොම කියවලා මසාජ් කරන්න කළින් )
  • දබරැඟිල්ල සහ මැද ඇඟිල්ල භාවිතා කර, ඇස් වල මුල් කෙළවරේ සිට උඩ ඇහි පිල්ලම හරහා නළල කෙළවර වෙන දෙසට ගෙනියන්න (කනට ඉහලින් හිසකෙස් පටන් ගන්නා ස්ථානය තෙක්). මෙය 6 වරක් කරන්න.
  • ඉන්පසුව පෙර ආකාරයටම ඇහේ මුල් කෙළවරේ සිට පහල ඇහි පිල්ලම හරහා පෙර පරිදිම නළල් කෙළවරට ඇඟිලි ගෙනයන්න. මෙයත් 6 වතාවක් කරන්න.

 

3) හැඩකාර කම්මුල් වලට මසාජ් එකක්

FaceMassages--yako

ඔබේ පෙනුම අඩු කරන්න සමත්වෙන කම්මුල් වල උවමනාවට වඩා පිරුණු ස්වභාවය අඩුකර, මුහුණට වඩාත් පියකරු පෙනුමක් ගන්න කරන්න පුලුවන් සරළ මසාජ් 2ක් තමයි මේ.

පළවැනි මසාජ් එක

මුඛය කෙළවර වන තැන ඇඟිලි තුනකින් ස්පර්ශ කරන්න

ඉන්පසුව ඒ ඇඟිලි 3 මද පීඩනයක් ඇතිව කම්මුල් හරහා කන් දෙසට ගෙනියන්න

මෙය 10 වතාවක් පමණ බැගින් කම්මුල් දෙකටම කරන්න

දෙවැනි මසාජ් එක

කලින් මසාජ් එකේ පරිදිම මුඛයේ කෙළවර සිටන් කන දක්වා තමයි මේ මසාජ් එක කරන්නෙත්. හැබැයි ඇඟිලි තුන වෙනුවට දබරැඟිල්ල කොක්කක් විදිහට නවාගෙන තමයි මේ මසාජ් එක කරන්න ඕනෙ. මෙයත් 10 වතාවක් විතර කරන්න.

 

 

4) නළලට මසාජ් එකක්

මේක නම් හරිම ලේසි මසාජ් එකක්. අත් දෙකේම මැද ඇඟිලි පාවිච්චි කරල සිග් සැග් ක්‍රමයට ඇඟිලි උඩ පහත යන විදිහට නළලේ හරස් අතට සහ තිරස් අතට ඇඟිලි ගෙනියන්න තමයි තියෙන්නෙ.

 

5) තොල් වලට මසාජ් එකක්

මේ කියන්න යන්නෙ තොල් සහ මුඛය අවට ප්‍රදේශයේ සුන්දරත්වය වැඩි කරගන්න කරන්න පුලුවන් මසාජ් එකක්.

1 පියවර

නිකටේ හරි මැද කෙළවරින් දෑත් තබාගන්න.

දැන් ඔබේ අත් දෙක කම්මුල් මැද හරිය වෙනතෙක් දෙපසට ගෙනයන්න.

මෙය කිහිප වතාවක් කරන්න.

2 පියවර

උඩු තොලත් නාසයත් අතර හරි මැදින් දෑත් (මැදඟිලි සිටින පරිදි) තබාගන්න.

පෙර පරිදිම කිහිප වතාවක් කම්මුල් වෙතට දෑත් ගෙනියන්න.

6) තොල් වල පෙනුම ඉහල නංවන ව්‍යායාමයක්

FaceMassages--yako.lk--

තොල් සහ මුඛය අවට මස්පිඩු ශක්තිමත් කරන මේ ව්‍යායාමය කරන්න කිහිම අමාරුවක් නැහැ. කරන්න තියෙන්නේ කිස් එකක් දෙන්න වගේ දෙතොල් උල් කර ඉදිරියට දිගු කරන එකයි. කිස් එකකට වඩා ටිකක් තදින්, මුහුණේ සම ඇදෙන පරිදි දෙතොල් උල් කරන්න. ඒ ඉරියවුවෙන් තත්පර 10ක් පමණ ඉන්න. ඒ විදිහට 5 පාරක් විතර මේ ව්‍යායාමය කිරීමෙන් ඔබේ තොල් වල සුන්දරත්වය වැඩි වේවි.

 

7) තොල් සහ කම්මුල් වල පෙනුමට ‘මාලු කටා’ ව්‍යායාමය

මේකෙත් වැඩි දෙයක් නෑ. මාලුවෙක්ගෙ කටක් වගේ පෙනෙන්න කම්මුල් ඇතුලට ඇදගෙන ඒ ඉරියවුවෙන් තත්පර 5ක් ඉන්න තමයි තියෙන්නෙ. මේ ව්‍යායාමෙත් දවසකට 5 වතාවක් විතර කරන්න පුලුවන්. තොල් වල වගේම කම්මුල් වල හැඩයත් ඉහල නැංවේවි. මුහුණ මහත කෙනෙකුට මේ ව්‍යායාමයෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්.

8) ඇස් යට කලුවීම් සහ අයි බෑග්ස් වලට ව්‍යායාම

 

ඇස් යට කලුවීම සහ අයි බෑග්ස් අවම කරගන්න කරන්න පුලුවන් සරළ ව්‍යායාමයක් තමයි මේ. මේකට කියන්නෙ V Pose කියල. මෙහෙමයි මේක කරන්නෙ.

  • තමන්ගේ ඇහි බැම දෙකෙළවරින් මැද ඇඟිල්ල සහ දබරැඟිල්ල V අකුරේ හැඩයට තියාගන්න. මැදඟිල්ල ඇහේ ඇතුලු කෙළවරෙනුත් දබරැගිල්ල ඇසේ පිට කෙළවරෙනුත් හිටින හැටියට
  • දැන් ඒ ඉරියව්වෙන්ම ඉන්න ගමන් සිවිලිම දිහා, ඒ කිවුවෙ උඩට තමන්ගෙ ඇස් යොමු කරන්න
    ඊළඟට කරන් තියෙන්නෙ එහෙම බලාගෙන ඉන්න ගමන්ම තමන්ගෙ යටි ඇහි පිල්ලම උඩු අතට ගෙන එමින් ඇහැ තද කරල වහන්න උත්සාහ කරන එක. මෙහෙම කරද්දි ඇහි පිය ගැස්සෙනව වගේ දැනෙන්න ගනීවි.
  • මේ විදිහට 7 පාරක් මේ ව්‍යායාමයේ නිරත වෙන්න.
  • 7 වැනි වාරය අවසානයේදී ඇස් තදින් වසාගෙන තත්පර 10ක් පමණ සිට ව්‍යායාමය නිමා කරන්න.

Check Also

ක්ලියෝපැට්‍රා….

ඊජිප්තුවේ අවසන් රැජිණ වූ ක්ලියෝපැට්‍රා ලෝක ඉතිහාසයේ ජීවත් වූ සුප්‍රසිද්ධම රැජිණක් වනවා. ක්‍රි.පූ. 69 දී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super