Canon 1300D

නිකොන් D3400 කැමරාව පිළිබඳව විස්තර පලකලසේම ඒහා සමානව වෙළඳපලේ තියන කැනන් කැමරාව ගැනත් විස්තර දක්වන ලෙස බොහෝ දෙනා අපගෙන් ඉල්ලා තිබුනා. කැනන් සහ නිකොන් යනු DSLR කැමරා වෙළඳපලේ බොහොම තරඟකාරී ලෙස හැසිරෙන ආයතනයන් දෙකක් බව ඔබ දැනටමත් දන්නවා ඇති !
තම පළමු DSLR කැමරාව ලෙස කැනන් කැමරාවක් මිලදිගන්නට බලාපොරොත්තුවන කෙනෙක්ට මිලට ගත හැකි මුලිකම පහසුකම් සහිත කැමරාවක් ලෙස කැනන් 1300D කැමරාව හඳුන්වා දෙන්න පුළුවන්. වර්තමානයේදී පවතින අනෙක් කැමරාවල තිබෙන පහසුකම් සලකා බලමින් නිර්මාණය කර ඇති මේම කැමරාව මෙගා පික්සල් 17.9 සහිතව , focus point 9 සතුවන අතර වීඩියෝ පහසුකම Full HD 1080p 30fps සහිත වේ.
මෙම කැමරාව සතු ගුණාංග පිළිබඳව වැඩිදුර කතා කිරීමේදී මෙගා පික්සල් 17-9ක APS-C ප්‍රමාණයේ සෙන්සරයක් සහිතව කැමරාව නිර්මාණය කරමින් උපරිම තිර්වතාවක් සහ මද ආලෝක තත්වයන් තුල හොඳ තත්වයේ ඡායාරූප ලබාගත හැකියාව 1300D කැමරාවට ලබාදී ඇත. focus points 9 දර්ශන තලය තුල නිතරම අවශ්‍යවන ස්ථානවල පිහිටුවමින් ආධුනිකයකු හට කැමරාව භාවිතා කිරීමේදී පහසුවෙන් සහ ඉක්මනින් Focus point අතර මාරුවීමේ හැකියාව ලබාදී ඇත. කැනන් EF සහ EF-S දෙවර්ගයේම කාචයන් මේ සඳහා භාවිතාකිරීමේ හැකියාව ඇතිනිසා ලෙන්ස් තෝරා ගැනීමේදී උපරිම නිදහස විඳිය හැක. Shutter speed උපරිම තත්පරයෙන් 1/4000 වන නමුත් තත්පරයට ලබාගත හැකි ඡායාරූප ගනනනම් 3 වැනි අඩු අගයකි. මෙම කැමරාවේ ISO අගය ISO 100 සිට6400 වෙයි.



1300D කැමරාවේ වීඩියෝ පහසුකම තිබෙන අතර එය Full HD හෙවත් 1920 * 1080 ප්‍රමාණයේ වන අතර එම තත්වය තුල 30fps දක්වා වීඩියෝකිරීමේ පහසුකම ලබාදී ඇත.
කැමරාවේ ඇති ඡායාරූප wifi හරහා ඉතා ඉක්මනින් තම ජංගම දුරකතනයට ලබාගෙන ඒවා Social media ඔස්සේ බෙදාගැනීමට හෝ වෙනත් තැනක save කිරීමේ හැකියාව 1300D කැමරාවට ලබාදී ඇත. එමගින් මෙම කැමරාව ආධුනිකයන් ඉලක්ක කරගනිමින් නිපදවුවද නව තාක්ෂනය මුසු කරමින් කැමරාවේ හැසිරවීම වඩ වඩාත් සිත් ඇදගන්නා ආකාරයෙන් සිදුකිරීමේ හැකියාව ඡායාරූපශිල්පියාට ලබාදී ඇත.

Check Also

මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක්

  දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන…ඒ පනතෙන් යම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super