Z-sony-a6000-sony a6000

Sony A6000

DSLR කැමරාවන් කැමරා ලෝකයේ රජකරද්දී එක කොට්ටාශයකට උවමනා උනා එකේ ගුණාංග තියන ඊට වඩා පොඩි කැමරාවකින් DSLR කැමරාවේ තියන ගුණාංග අත්විඳින්න. එතැනදී තමයි Mirrorless කැමරාවන් වෙළඳපලට එන්නේ. මිරර්ලස් කැමරාවක් කියන්නේ DSLR කැමරාවේ තියන mirror කියන කොටස නොමැති කැමරාවක්. එම නිසා කැමරාවේ ප්‍රමාණය කුඩා කිරීමේ හැකියාව වගේම කැමරාව ඇතුලේ තිබෙන චලනයවන කොටස් අවම කිරීම මගින් කැමරාවේ සෙලවීම (Camera shake) අවමකරගැනීමේ හැකියාවක් ලැබෙනවා. නොයෙක් ආයතන mirrorless කැමරා නිපදවුවත් එවකට සෝනි ආයතනය මගින් නිපදවපු nex කැමරා මාදිලිය බොහෝ ලෙස ජනප්‍රිය විනි. පසුකලකදී එය තවත් දියුණු කරමින් එහි පහසුකම් වැඩිකර APS-C සහ Full frame ප්‍රමාණයේ සෙන්සර් යොදාගනිමින්. Sony Alpha නමින් නව කැමරා රාශියක් වෙළඳපල වෙත නිකුත් කරනු ලැබිය.
Alpha මාදිලියේ ප්‍රාථමික මට්ටමේ කැමරාවක් ලෙස සෝනි A6000 හඳුන්වාදෙන්න පුළුවන්. නමුත් කැමරා line-up එකේ මුලින්ම තිබුනට මේ කැමරාවේ ගුණාංග අතින් මේක ප්‍රාථමික කැමරාවක් කියන්න අපහසුයි. 24 mega pixel සහිත APS-C සෙන්සරයකින් සමන්විත මේම කැමරාව ෆෝකස් පොයින්ට් 179කින් සමන්විත බව කිව්වොත් ඔබ පුදුම වෙයි. අනෙක් Entry level කැමරා මෙන්ම Shutter speed තප්පරයෙන් 1/4000 උපරිම අගයක් ඇති මෙම කැමරාව තප්පරයකදී ඡායාරූප 11 ලබාගැනීමේ පහසුකම සහිතයි . මේ පහසුකම් සියල්ල සහිත කැමරාව Tilt screen එකකින්ද යුතු අතර මෙහි බර ග්‍රෑම් 285 පමණයි. ISO අගය 100-25600 දක්වා ඇති මෙහි සාමාන්‍ය Entry level කැමරාවක් සමග සසඳා බලනකල අඩු ආලෝක තත්ත්ව යටතේදී පවා ඉතා හොඳ ගුණාත්මකබවකින් යුත් ඡායාරූප ලබාදිමට සමත්වෙයි.
වීඩියෝ අංශයෙන් ගත්කල A6000 කැමරාවද Full HD හෙවත් 1920 * 1080 ප්‍රමාණයේ වන අතර එම තත්වය තුල 60fps දක්වා වීඩියෝකිරීමේ පහසුකම ලබාදී ඇත. තවද වීඩියෝ කිරීම අතරතුර auto focus කිරීමේ පහසුකමද a6000 සහිතයි. වීඩියෝ කැමරා සඳහා දශක ගණනාවක් තිස්සේ ප්‍රසිද්ද සෝනි ආයතනය ඔව්න්ගේ කැමරා නිපදවීමේදී DSLR කැමරා මගින් වීඩියෝ කිරීමේදී ඇතිවන ගැටලුකාරී තත්වයන් හැකිතාක් දුරට මගහරවා ගනිමින් තම alpha මාදිලියේ කැමරාවන් නිපදවීම සිදු කරයි….
නවකයෙක් ලෙස ඔබ සොයන්නේ වෙනසක්නම් සෝනි a6000 ඔබට හොඳ ආරම්භයක් වනු නොඅනුමානයි !

Check Also

The iPhone 8,

iPhone 8 ලබන සතියේ එළියට

Mobile Phone කියන දේ කෑම, බිම තරමටම අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super