තමන්ට ගැලපෙන කෙල්ලෙක්ව නැත්තං කොල්ලෙක්ව හොයාගන්න ලංකාවේ තැන් 7 ක්

දැන් ඔය ආදරේ වේදනාවන්ට වඩා හුදෙකලාව මට සැපයි කියනා තනිකඩ කෙල්ලො කොල්ලො ටෝක්ස් දුන්නට ඇත්තටම අපි ඕන කෙනෙක් කැමතියි අපිට ආදරේ කරන, දුක සැප බෙදාගන්න කෙනෙක් ලඟින් ඉන්නවට. හැබැයි ඉතින් එහෙම කෙල්ලන්ව කොල්ලන්ව දෙල්කඳ පොළේ විකුණන්න නැහැනේ මචං. (පොළට එලෝලු ගන්න එක නංකියෙක්ව අය්යෙක්ව අඳුනගන්න එක වෙනම වැඩක්). හැබැයි ඉතින් ලංකාවේ එහෙම කෙල්ලෙක්ව කොල්ලෙක්ව මුණගැහෙන්න තැන් තියෙනවා. තමන් ජෙනුයින් නං මේ වගේ තැනකින් අඳුනගන්න කෙනෙක්ව යාලුවෙක් කරගෙන, ඉන් පස්සේ දෙන්නට දෙන්නා හරියනව නං වැඩේ ගොඩදාගෙන අත් අල්ලගෙන පැද්දි පැද්දි ජීවන මේ ගමන සංසාරේ කියලා යන්න තමයි තියෙන්නේ!

 

1. ලංකාවේ අංක එකේ ආදර  ෆේස්බුක්!

කවුරු පිළිගත්තත් නොගත්තත් ඕක තමයි පුතා ඇත්ත තත්වේ. මේ වෙනකොට ලංකාවේ ෆේස්බුක් හරහා සෙට් වුණු ලව් වගේම කැඩුණු ලව් වල රෙකෝඩ් හොයන්න ගියොත් සකර්බර්ග්ට ෆේස්බුක් වහල දාන්න හිතෙයි. හැබැයි ඇත්තටම ෆේස්බුක් හරහා කෙල්ලෙක් කොල්ලෙක් හොයාගන්න එක අවුල්ද? අපි කියන්නේ හරියට කරනවා නං කිසිම අවුලක් නෑ කියලා තමයි.

ෆේස්බුක් හරහා කෙල්ලෙක්ව කොල්ලෙක්ව අඳුනගන්න නං අහඹු ලෙස නම් සර්ච් කරලා ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් යවන එක අපි ඒ තරම් අනුමත කරන්නෙ නෑ. හැබැයි ෆේස්බුක් එක ඇතුළේ කරන්න අනේකවිධ ක්‍රියාකාරකම් තියෙනවනේ. උදාහරණයක් විදියට ඔය පැල වවන ගෘප් එකක්, කෑම හදන ගෘප් එකක් ගන්න පුලුවන්. දැන් මේ ගෘප් එක ඇතුළේ ඔබ ක්‍රියාකාරී වෙනකොට මේකේ ඉන්න අනික් සාමාජික සාමාජිකාවන්ව අඳුනගන්න ලැබෙනවා. ආන්න එතකොට ඔය සමාන අදහස් තියෙන කුරුල්ලෝ කිරිල්ලියෝ චැට් එකකට එහෙම සෙට් වෙලා යාලු මිත්‍ර කම් ඇතිකරගන්න පුලුවන්.

හැබැයි එකක් අපි තරයේ කියන්න කැමතියි. ෆේස්බුක් එකෙන් කෙනෙක්ව අඳුනගත්තට ෆේස්බුක් හරහා ලව් කරන්න යන්න එපා පුටාල දූලා. ලව් කරන්න ඇත්ත ලෝකෙට එන්න. නැත්තං වැඩේ හබක් වෙන්න තියෙන ඉඩ වැඩියි.

2. ඔය ළමා සමාජෙකට බැඳිලා බැලුවෙ නැද්ද බ්‍රෝ?

දැන් ඔය ගමක වුනත් ළමා සමාජ, යෞවන සමාජ අරව මේවා ඕන තරමට තියෙනවනේ. ගොඩක් වෙලාවට ගමේ ඉන්න සම වයස් කාණ්ඩ වල මිතුරු මිතුරියන්ට මුණගැහෙන්න ඔය වගේ සමාජ බොහොම හොඳයි. අපි කියන්නෙ නෑ ලව් කරන්න යෞවන සමාජෙකට එන්න කියලා. හැබැයි මේ වගේ තැනකට ඇවිත් එකට එකතු වෙලා සමාජ සේවා කටයුතු, එක එක ව්‍යාපෘති එහෙම කරන එක අලුත් යාලුවෝ දැන ඇඳිනගන්න පාර කපලා දෙනවා. මොකද එකට වැඩකරනකොට තමන්ට ගැලපෙන නොගැලපෙන තැන් ගැන එහෙම අදහසක් ගන්න පුලුවන් හින්දා.

දැන් මේක තව ඉස්සරහට ගෙනිච්චොත් ඔය ලියෝ ක්ලබ්, ටෝස්ට්මාස්ටර්ස් වගේ ක්ලබ් වුනත් හඳුන්වන්න පුලුවන්. මේ වගේ තැනක තමන්ට මිනිස්සුන්ව දැන හඳුනගන්න ලැබෙන ලැබෙන පරාසයත් වැඩි වෙන නිසා චාන්ස් එකත් වැඩි වෙනවා.

හැබැයි එකක්. මේවා කරන්න ඕන තමන්ට හැබෑවටම දෙයක් කරන්න ඕන නිසා මිසක් කෙල්ලෙක්ව කොල්ලෙක්ව අල්ලගන්න නෙවෙයි. අපි මේ කියන්නේ අලුත් සම්බන්ධතා ඇතිකරගන්න මේ වගේ තැන්වල අවස්ථාවක් තියෙනවා කියන එක විතරයි.

3. පංසලේ පල්ලියේ වුනත් වැඩ තියෙනවා කමක් නෑ

 

හරි දැන් කෙල්ලෙක්ට හිනාවක් පූජා කරන්නම, කොල්ලෙක් දිහා නෙතඟ බැලුම් හෙලන්නම පංසල් එන, පල්ලි යන කෙල්ලො කොල්ලෝ ඉන්නවා කිව්වොත් ඒක බොරුද? නෑනේ, ඒකනේ ඇත්ත. හැබැයි අපි මේ කියන්න හදන්නේ ඒ ගැනම නෙවෙයි. දැන් ඔය පල්ලිය ගත්තොත් ඉරිදා පූජාවට යනවා ඇරෙන්න කෙල්ලෙක්ට කොල්ලෙක්ට තමන්ගේ දායකත්වය දක්වන්න පුලුවන් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදියට ගීතිකා කණ්ඩායමට බැ‍ඳෙන්න පුලුවන්. එතකොට පෝයට පංසල් ගිහින් එනවට වඩා තමන්ට පොඩ්ඩක් ක්‍රියාකාරී දායකත්වයක් දක්වන්න පුලුවන් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදියට බැතිගී වැඩසටහනක් ඕගනයිස් කරන්න පුලුවන්. දැන් මේවත් කරන්න ඕන කෙල්ලෙක්ව කොල්ලෙක්ව සෙට් කරගන්න කියලා හිතාගෙන නෙවෙයි. හැබැයි මේ වගේ පොදු වැඩක් එකතු වෙලා කරනකොට අලුත් මිතුරු මිතුරියන්ව දැන අඳුනගන්න ලැබෙනවා. පාඩු නෑනේ!

4. කෙලින්ම ඩේටින්ග් සයිට් එකකින් වැඩේ ගොඩදාගමුද?

ලංකාවේ ඉතින් තාමත් ලොකුවට ඩේටින්ග් සයිට් වැඩ නැගලා යන්නෙ නම් නෑ. හැබැයි OKCupid නැත්තං Meet me වගේ සයිට් වල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ හොයාගන්න නැත්තෙත් නෑ. ලංකාවේ ඔන්ලයින් ඩේටින්ග් හරහා සම්බන්ධතා ඇතිවෙන ප්‍රමාණය සාපේක්ෂව ගත්තහම අඩුයි. ඒකට හේතුව ගොඩක් දෙනා හරි විදියට තමන් ගැන ඉම්ප්‍රෙෂන් එකක් ඔන්ලයින් ඩේටින්ග් සයිට් එකකින් දෙන්න දන්නෙ නැතිවීම සහ ගොඩක් දෙනා, විශේෂයෙන්ම ගෑණු ළමයි ඔන්ලයින් ඩේටින්ග් සයිට් එකකින් කෙනෙක්ව දැන අඳුනගත්තත් ඒක ඇත්ත ලෝකෙට ගේන්න බය වීම. ඉතින් ඔය බාධක දෙක පන්න ගන්න පුලුවන් නං ඔන්ලයින් ඩේටින්ග් කියන්නෙත් අද කාලේ හොඳ කොල්ලෙක්ව, හොඳ කෙල්ලෙක්ව අඳුනගන්න අනිවා හරියන ක්‍රමයක්.

5. ඉස්පෝට්මීට් කොල්ලෙක් කෙල්ලෙක් සෙට් කරගමුද?

 

ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ස්පෝට්ස් කරන්නේ ගොඩක් වෙලාවට ඉස්කෝලෙ කාලෙ තමයි. ඉන් පස්සේ ඉතින් ස්පෝට්ස් එකක් කියලා කරන්නේ හදිසියකට බස් එකට දුවාගන්න එක වගේ වැඩක් තමා. හැබැයි ලංකාවේ අපිට රස්සා කරන කාලෙක වුනත් මොකක් හරි ස්පෝට් එකක් කරන්න ඕන නං ඒකට අවස්ථා ඕන තරං තියෙනවා. ඔරු පදින්න ආසනං රෝවින්ග් ක්ලබ් එකකට බැ‍ඳෙන්න පුලුවන්. දුන්නෙන් විදින්න ආස නං දුනු විදීමේ ක්ලබ් එකකට බැ‍ඳෙන්න පුලුවන්. එහෙම නැත්තං ස්විමින්ග් ක්ලබ් එකක වුනත් මෙම්බර්ෂිප් එක ගන්න පුලුවන්. දැන් මේ තැන්වල ගැහැණු පිරිමි දෙගොල්ලොම ඉන්නවනේ. ඉතින් තමන් ‍තෝරගන්න ස්පෝට් එක බොක්කෙන්ම කරනවා කියන්නේ ඔය ගෑල්ලමයෙක්ව පිරිමි ලමයෙක්ව ක්ලබ් එකේදී දැන අඳුනාගන්න අවස්ථාව ලැබෙනවා කියන එක තමයි. ඇත්තම කතාව මේ වගේ තැනක තමන් එක්ක එකට ක්‍රීඩා කරන ගැහැණු පිරිමි හැමෝමව ආස්සරේ කරන්න ඕන සහෝදර සහෝදරියො වගේ තමා. ඒක තමයි ටීම් ස්පිරිට් එක. හැබැයි ඉතින් හිතට වැඩිපුර අල්ලන කෙනෙක් මේ අතරේ හම්බුණොත් පොඩ්ඩක් යාලු පිට් එකක් ඇතිකරගෙන ඉදිරියට යනවද නැද්ද කියන එක සලකලා බලන එකේ වැ‍රැද්දක් නෑ.

6. මම රඟපෑවට මගේ ආදරේ රඟපෑමක් නෙවේ!

 

මෙහෙම කිව්වේ අපි අඳුනන යාලුවෙක්. මිනිහා ඔය ස්ට්‍රීට් ඩ්‍රාමා කරන කාණ්ඩෙකට එකතු වෙලා හිටියා. ඒ ඩ්‍රාමා කණ්ඩායමේම හිටියා ලස්සන නංකියෙක්. පොර මේ නංකිට හිත ගිහින් හිටියට නංකි එච්චර කැමැත්තක් නෑ. හේතුව පොර සිරාවටම රඟපාන නිසා ඇත්තට ලව් කරන්න ෂුවර් නෑ කියලා. ඉතින් අන්තිමට මුළු ඩ්‍රාමා ටීම් එක ඉස්සරහම පොරට මෙහෙම කියන්න වුනා කියහන්කෝ!

හැබැයි අපි කියාගෙන ආපු කතාවට මේක හරියනවා. ඒ කියන්නේ දැන් ඔය වේදිකා නාට්ටි කරන කාණ්ඩ, වීථි නාට්ටි කරන කාණ්ඩ එහෙම ඉන්නවා. ඒක ඇත්තටම වෙනම සංස්කෘතියක්. දැන් ඔබට හිතෙනවා නං තමන්ටත් ඔය ඩ්‍රාමා එකක රෝල් එකක් කරන්න එහෙම හැකියාවක් තියෙනවා කියලා, පොඩ්ඩක් ට්‍රයි එකක් දීලා බැලුවට කාරි නෑ. ඒක ජීවිතේට නැවුම් බවක් එකතු කරන අමතර කාරියකුත් වෙයි. ඒ අතරේ තාම තනිකඩ නං අපේ යාලුවා වගේ රඟපාන නංකියෙක් ගැන සලකලා බැලුවත් වැ‍රැද්දක් නෑ.

7. තමන් ආස දේවල් කරන තව තව අය හොයාගම්මුද?

අපි දකින දකින කෙල්ලට හරි කොල්ලට හරි කැමති වෙන්න බෑනේ මචං. එහෙම ඩෙස්පරේට් ඩයල් ඉන්න එක වෙනම දෙයක්. හැබැයි ආදර සම්බන්ධයක් නැගලා යන්න නං ඔය පොදු සමානකම් එහෙම එකක් දෙකක් හරි තියෙන්න ඕන. ඒ කියන්නේ දෙන්නටම පොදු රුචි අරුචි කම්. ආන්න ඒකත් එක්ක ලංකාවේ හොඳ කෙල්ලෙක්ව කොල්ලෙක්ව හොයාගන්න පුලුවන් තව ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

දැන් අපි ගම්මු ඔය චිත්‍රපටි වලට එහෙම ආස ඩයල් එකක්. ඒ කියන්නේ කඩු පයිට් චිත්‍රපටි විතරක් බලන එවුන් නෙවෙයි. දැන් සම්භාව්‍ය සිනමාව, එතකොට ලෝකේ වෙනත් වෙනත් රටවල සිනමා කෘති එහෙම බලන්න, ඒවා ගැන කතා බහ කරන්න කැමැත්ත තියෙන ඩයල් එකක් කියමු. ආන්න ඒ වගේ කෙනෙක්ට පුලුවන් ඔය රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ (ගොතේ), ඇමරිකන් සෙන්ටර් එකේ, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ, ප්‍රංස සංස්කෘතික මධ්‍යස්ථානයේ වගේ තැන්වල සතිපතා, මාස්පතා තියෙන චිත්‍රපටි දැක්මකට එහෙම සම්බන්ධ වෙන්න. ගිහින් ‍ෆිල්ම් එකක් බලලා ඒ ගැන කතා බහ කරන්න. දැන් ඔය තැන්වලට නිතර යන එන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. ඉතින් ඔය නිතර මුණගැහෙන අය අතරේ යාලු මිත්‍රකම් ඇතිවෙන්න පුලුවන්. ඒ යාලුමිත්‍රකම් තව ඉස්සරහට වුනත් යන්නත් පුලුවන්.

ඔය කිව්වේ චිත්‍රපටි ගැන විතරයිනේ. හැබැයි ලංකාවේ සාහිත්‍ය සංවාද වලට නිරන්තරයෙන් යන එන අය ඉන්නවා. එතකොට වේදිකා නාට්‍ය බලන්න නිතර යන එන අය ඉන්නවා. චිත්‍ර ප්‍රදර්ශන බලන්න නිතර යන එන අය ඉන්නවා. ඉතින් මේ වගේ සමාන රුචිකත්වයන් තියෙන ඈයෝ නිතර නිතර මුණගැහෙනකොට ඔය තනිකඩ උදවිය පොඩ්ඩක් එකිනෙකාව දැන අඳුනගත්තට කමක් නෑ. කාගෙ වුනත් මංගල්ලයක්නෙ බ්‍රෝ!

හැබැයි ඉතින් අවසානෙට දෙයක් කියන්න ඕන. මේ කිව්ව හැමදෙයක්ම කරන්න ඕන කෙල්ලෙක්ව කොල්ලෙක්ව හොයාගන්න නෙවෙයි. මොකද ගොඩක් ඒ අරමුණෙන් මේවා කරන උන්දැලා මගුල සෙට් කරගත්තට පස්සේ පැත්ත පලාතේ හොයන්න නෑ. එහෙම වැඩක් නෑනේ මචං. දෙයක් කරන්න ඕන බොක්කෙන්. හොඳ අරමුණක් වෙනුවෙන්. හැබැයි ඉතින් ඒ අතරේ ඔය ගෑල්ලමයෙක් පිරිමි ලමයෙක් ජීවිතේට ලං වුනාට කවුරුත් එපා කියන්නෙත් නෑනේ. සිරාවට කරන දේකට අපිත් අනිවා සපෝට්!

Check Also

Stock Photo වල Watermark මකන Google ලගෙ tool එක

Online Stock photo වල Watermark ක්ෂණිකව මකන්න පුලුවන් Algorithm එකක් හදන්න Google ආයතනය සමත් වෙලා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super