Stock Photo වල Watermark මකන Google ලගෙ tool එක

Online Stock photo වල Watermark ක්ෂණිකව මකන්න පුලුවන් Algorithm එකක් හදන්න Google ආයතනය සමත් වෙලා. මේ project එක කරල තියෙන්නෙ දැනට පින්තූර ආරක්ෂා කරන්න භාවිතා කරන උපක්‍රම බොහොම යල්පැනපු සහ ලේසියෙන්ම මගහරින්න පුලුවන් කියල පෙන්නන්නයි.

Watermark එකක් කියන එක අපි හැමෝම දන්නව.ගොඩක් වෙලාවට online stock photos මුදල් ගෙවීමකින් තොරව පාවිච්චි කරන එක නවත්තන්න තමයි මේ උපක්‍රමය භාවිතා කරන්නෙ. මේ ගැන අධ්‍යයනය කරපු Google පර්යේෂකයො, ගොඩක් වෙලාවට මේ විදිහට Watermark කරන පින්තූර වල තියෙන්නෙ එකම රටාවක් බවත් මේ රටාව අදුනගෙන ඒ හරහා Watermark ඉවත් කිරීම බොහොම ඉක්මනින් කරන්න පුලුවන් බවත් පෙන්වන්න Software එකක් හදල. මේක App එකක් විදිහට අපි අතරට එන්නෙ නැතිවෙයි. හැබැයි මේ හරහා ඒගොල්ලො පෙන්නල තියෙන්නෙ Photoshop වල කාලය නාස්ති කරනවට වඩා ඉතාමත් ඉක්මනින්ම මේ Watermark මකන්න Software හදන්න පුලුවන්කමක් තියෙනව කියලයි

මේකෙදි අදාල Software එකෙන් Watermark තියෙන පින්තූර අධයනය කරල ඒ රටාව හදුනාගැනීමක් කරනව. මේ එක්කම ඒකෙ විනිවිදභාවය වගේ දේවලුත් සලකා බැලෙනව. රටාව හදුනගත්තට පස්සෙ තියෙන්නෙ ඒ රටාව ඉවත් කරල හිස්තැන් ගැලපෙන විදිහට පුරවන එකයි.

මේ ක්‍රමය ගැන තොරතුරු නිකුත් කිරීමෙන් පස්සෙ online photo විකුණන Shutterstock සහ තවත් සමාගම් තමන්ගෙ Watermarking උපක්‍රම වෙනස් කරල තියෙනව. පල්ලෙහා තියෙන්නෙ මේක ගැන විස්තර කරන Video එක. ඒ වගේම මේ ගැන ඔයාගෙ අදහස් Comment වල කියන්නත් අමතක කරන්නෙපා…

Check Also

නිල් තල්මස් අභියෝගය

මාරාන්තික මෙම පරිඝනක ක්‍රීඩාව ගැන වැඩිහිටි ඔබ දැනුවත්ද ??   අද ලොව පුරා ආන්දෝලනයට ලක්ව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super