නිල් තල්මස් අභියෝගය

මාරාන්තික මෙම පරිඝනක ක්‍රීඩාව ගැන වැඩිහිටි ඔබ දැනුවත්ද ??

 

අද ලොව පුරා ආන්දෝලනයට ලක්ව ඇති Blue whale challenge ‘නිල් තල්මස් අභියෝගය’ හෝ Blue whale game ‘නිල් තල්මස් තරඟය’ (Синий кит, SINNI KIT) මේ වන විටත් ලොව පුරා තරුණ ජීවිත 200 කට ආසන්නව බිලිගෙන හමාරයි. මෙය දැනගන්නට ලැබෙන්නේද, තවත් අවාසනාවන්ත මරණයක් අසල ඉන්දියාවේ කේරලයෙන් වාර්තා වන නිසාවෙනි.


පසුගිය ජූලි 26 තිරුවනන්දපුරම්හි මනෝජ් සී මානූ නම් 16 හැවිරිදි තරුණයා ගෙදර වහලයේ එල්ලී ගෙල වැල දාගෙන සිය දිවි නසාගෙන ඇත. ඔහුගේ මව කියා සිටියේ තම පුතු අන්තර්ජාලය හරහා කිසියම් තරඟයක් ක්‍රීඩා කරන බව තමා දැන සිටියත් මෙතරම් දෙයක් ඔහු සිදු කර ගනීයි කියා කිසිසෙත් නොසිතූ බවයි. වීදුරු කැබැලිවලින් තමාගේ අතේ ඔහු කැටයම් කරගෙන තිබූ දසුන තමා දුටු බවත් ඇය පැවසූවේ හැඬූ කඳුලෙනි. තරඟ අවසානයේ එක්කෝ කෙනෙක් මරුමුවට පත් කල යුතුයි හෝ තම දිවිය නසා ගත යුතුව ඇති බව තම පුතු කියා තිබුනා තමාට මතක බවත් එම මව වැඩි දුරටත් කියා සිටියාය. අවුරුදු 22ක් වියති සවන්ත් ගෙදර බල්කයේ එල්ලී මිය යාමද සිදුවන්නේ මෙම කේරලයේමය, එයටත් හේතු කාරකයාද මේ නිල් තල්මසාමයි. ඉන්දියාවේ පළමු නිල් තල්මස් සිය දිවි හානිය වාර්තා වන්නේ මුම්බායිහිය. ලොව නන් දෙසින් මෙවන් අවාසනාවන්ත මරණ සිය ගනන් වාර්තා වන්නේ මේ නිල් තල් මස් අභියෝගය හේතුවෙනි.


Blue whale කියන්නෙ 2013 වසරේ රුසියාවේ ‘Vkontakte’ ( රුසියාවේ ෆේස්බුක් වලට වඩා Vkontakte සමාජ වෙබ් අඩවිය ජනප්‍රියය.. ලොව දෙවැනියට වැඩිම පරිශීලකයන් ගණනක් සිටින සමාජ වෙබ් ජාලාව මෙයයි.) කියන සමාජ ජාලා වෙබ් අඩවි රහස් ගෲපයක් ලෙස ක්‍රියාත්මක වුනු ‘F57’ කියන මාරක ගෲපය හරහා ආරම්භ වුනු එක්තරා online game එකක්.. මේක download කරන්න පුලුවන් game එකක්වත් application එකක්වත් software එකක්වත් නෙමෙයි .. රහස් ගෲප මඟින් සමාජ ජාලා වෙබ් අඩවි තුළට ඇතුල් වෙන මෙය Als Ice bucket challenge , Harlem shake වැනි සමාජ වෙබ් අඩවි සංසිද්ධියක් වැනිය…
තවමත් 22 වියෙහි පසුවන Philipp Budeikin නම් මනෝ විද්‍යාව හදාරන සිය විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු විසින් සාදන ලද මෙම මාරක online සෙල්ලම මේ වනවිට ලොව පුරා මරණ 200 කට පමණ දායක වී ඇත.
මෙම ක්‍රීඩාවෙදි එක් එක් තරඟකරුවාට නිරීක්ශකයෙක් ලබා දෙන අතර විවිධ දිනයන්හි සම්පූර්ණ කළ යුතු රාජකාරි 50ක් පවරයි.. ඒවා නිරීක්ෂණය කිරීමට ඔන්ලයින් නිරීක්ශකයෙක් සිටින අතර සෑම පවරන ලද කාර්‍යයක් අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් upload කිරීම කළ යුතුය.. මුලින්ම ඉතා සරළ පහසු කාර්‍යයන් වලින් පටන් ගන්නා මෙම මාරක සෙල්ලම ටිකින් ටික අභියෝගාත්මක වෙයි..


යුරෝපය, ඇමරිකාව, ආසියාව, මැදපෙරදිග හා තවත් රටවල් බොහොමයක තරුණ තරුණියන් මෙම තල් මස් අභියෝගය නිසා ගොදුරක් බවට පත්වී ඇත.
අන්තර්ජාලය හරහා කෙරෙන මෙම තරඟයේ දින් 50ක් තුල සම්පූර්ණ කල යුතු කර්තව්‍යයන් අතර අලුයම 4.20 අවදි වීම දොඹකරයකට නැගීම, 4.20 ට අවදි වී භිය උපදවන චිත්‍රපට නැරඹීම, එය දවස පුරාවටම නැරඹීම, දෙනු ලබන විශේෂිත වාක්‍යාංශයක් තමාගේම අතේ හෝ ඇන්දේ කැටයම් කර ගැනීම, රහසිගත කර්තව්‍යයන් කිරීම, ඉදි කට්ටක් වැනි තියුනු යමකින් අල්ලේ හෝ පයේ ඇන ගැනීම, තොල් කපා ගැනීම, තමන් තමාවම රිදව ගැනීම, පාලමක හා ගෙයි වහලක කොණක සිටගැනීම්, පාලකයා විසින් දෙනුලබන ගීත හා දසුන් ඇසීම හා නැරඹීම. පෙර කී හා තවත් අමතර සියළු දේ පාලකයා විසින් දෙනු ලබන්නේ තරඟ කරුගේ විශ්වාස වන්ත භාවය පරික්‍ෂා කිරීමටයි.ක්‍රීඩාවේ අවසානය ලෙස අවසන් කාර්‍යය වන්නේ ගොඩනැගිල්ලක සිට පහලට පැනීම හෝ ලබාදෙන ආකාරයට දිවි නසාගැනීමට තැත් කිරීමයි..
මෙම වසංගතය දැනටමත් අපේ රටටත් පැමිනී ඇත්ද හෝ තවමත් නැද්ද…?කෙසේ වෙතත් වැඩිහිටි ඔබ මව් පියන් වන ඔබත් මේ ගැන දැනුවත්ව සිටීම අප කුඩා දරුවන්ගේ ආරක්ෂාවට වැදගත් දෙයක් වේවි,

 

උපුටා ගැනීම

ඩොන්…

Check Also

පිරිමි වැඩියෙන්ම ආස කරන්නේ කාන්තාවන්ගේ මේ දේවල් වලට

කාන්තාවන් නිතරම සිතන්නේ පිරිමින් තමන්ට ආකර්ෂණය වෙන්නේ තමන්ගේ ඇති පෙනුම නිසා කියලයි. නමුත් ඒ දේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super