රජ කාලේ සිංහල ප්‍රභූන් පිටුවහල් කල ලස්සන මුරුසි දිවයින

අපි දැනට නම් අපේ රටේ මහ ජාතිය තමයි පස්සෙ කොයි කොහොම වෙයිද දන්නෙ නෑ ..අපේ සිංහලයො සුලු ජාතියක්විදියට ඉන්න රටවලුත් තියනව බොහෝම සුලු වශයෙන් ඉන්න එක රටක් තියනව.ඒ තමයි මුරුසි දිවයින.. මේක තියන්නෙ ඉන්දියානු සාගරේ,අප්‍රිකානු මහාද්වීපයට අයත් රටක් විදියට..මැඩගස්කර් දූපතට අසල්වාසීව,සීශේල්ස් රොඩ්‍රිග්ස් කියන කුඩා දූපත් පෙලට තමයි පිහිටල තියන්නෙ

 

මම මේ දූපතේ කාලයක් සේවය කලා 2008-2009 කාලෙ හැමෝම දන්න ඇහැලේපොල නිලමෙගෙ සොහොන වගේම කාලෙකට ඉහත ලංකාවෙන් පිටුවහල් කොරපු බොහෝමයක් සින්හල ප්‍රභූන්ගේත් සොහොන් පිහිටල තියන එව්ව බොහොම අප්‍රසිද්ධියෙ තිබුනට හැමෝම දන්න කියන සොහොන තමයි බොලන් ඇහැලේපොල සොහොන..ඒ වගේම මේ දූපතේ සිංහලයො ඉන්න කුඩා ගම්මානයක් පිහිටල තියනව උක් වගාව තමයි මොවුන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ගය..මොවුන් සිංහලයො උනාට දන්න සිංහලක් නම් නෑ එකම එක දෙයයි මුන් මොවුන් දන්නෙ ඒ මොවුන්ගෙ මුල් කාලීන අත්තල මුතලට එහාඋදවිය ලංකාවෙන් නෙරපල එව්ව බව විතරයි,

 

ඒ වගේම ප්‍රභූ පැලැන්තියට නෑකම් තියන බවත් මොවුන් දන්නව ..අදටත් ඇහැලෙපොල නිලමෙගෙ සොහොන ලගට ගියොත් බොලාට බලගන්ඩ පුලුවන් ඒකට පහන් තියල ගරු බුහුමන් දක්වන මුරුසි වාසී සින්ංහලයින්ගෙන් එකෙක් දෙන්නෙක්..මොවුන් කතා කොරන්නෙ මුරුසි දිවයිනේ මව් බාසාව වෙන ක්‍රියොල්,මුරුසිය ජනාවාස උනේ කලකට ඉහත බොහොමයක් රටවලින් පිටුවහල් කොරපු අපරාධකාරයින්ගෙන් රාජද්‍රෝහීන් වගේ වැරදිකරුවන්ගෙන්..බොහොමයක් අප්‍රිකානුවන් ඊලගට ඉන්දියානුවන්..ප්‍රදාන ජන වර්ගය ක්‍රියොල් ඒ කියන්නෙ කලු ජාතියට හුරු මිනිසුන් ඔවුන් අප්‍රිකානුවන්ට වඩා වර්ණවත් .දෙවන ජනවර්ගය හින්දූන්..චීන ජාතිකයන්,ද්‍රවිඩයන් සහ සුලුතර මුසල්මානුවන්..මේ රටේ සම්පූර්ණ වෙළද බලයෙන් 80% තියන්නෙ චීන ජනයා අතේ මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය උක් සීනි කර්මාන්තය ලෝකෙ ඉස්තරම්ම සීනි වර්ග 10 කට වඩා ඔවුන් නිෂ්පාදනය කරනව..ඒ වගෙම සංචාරක කර්මාන්තය බොහොමයක් හින්දි චිත්‍රපටවල මෙහි දර්ශන ඇතුලත් ප්‍රධාන අගනුවර පෝර්ට් ලුවිස්..මේ රට ශිෂ්ට සම්පන්න උනේ බොහොම මෑත කාලීනව..අදටත් මේඋදවිය කතා කිරීමේදී බොහොමය කතා කොරන වචන කුනු හබ්බ.රාම්ගුලම් කියන ඉන්දියානු සම්බවයක් තියන අගමැති තුමා නිසා මේ රට බොහොම සීග්‍රයෙන් දියුණු උනා අද මෙහි පාලකයත් ඔහුගෙම පවුලෙ කෙනෙක්.

.ලංකාවෙ ගම්පහ දිස්ත්‍රික්කෙට වඩා ටිකක් ලොකු මේ දූපතට ගිහින්ම බලෆල්ල මේක කෙටියෙන් කිව්වොත් ෆන් අයිලන්ඩ් එකක්..ලෝකෙ සුන්දරම වෙරළ තීරයන්ගෙන් එකක් වගේම කදුවැටි හතර අතින් වටවුනු රටක් කාලෙකට මේ රටට සුලිකුණාටු ඇතිවෙනවා ඒ කාලෙට ඔවුන් ජනමාධ්‍ය වලින් හැමෝටම දැනුම් දෙනව දවසක් හෝ දෙකක් මේ තත්වය තියනවා වැස්ස එක්ක එන හුළගට එලියට බැස්සොත් අඩි දහයක් විතර පස්සට තල්ලු වෙනවා.

.ඒ වගේම මේ රටේ දේශගුණය ඉතාම සෞම්‍යයි .විදේශිකයින්ගේත් තොඉතැන්නක් බොහොමයි රටේ නීති අඩුයි..අපරාධ දුලබයි..අපරාධ කලත් කලු ජාතිකයින් අතින් තමයි ඔවුන් ඔවුන්ටම ආවේනික කොළණි පිහිටුවාගෙන සිටිනවා ඇතැම් ප්‍රදේශ වල ..රටේ නිල හමුදාවක් කියල එකක් තිබුනෙම නෑ ඒ කාල සීමාවෙ,මම කියන කතාව හොයාබලන්න වගේම අහල බලන්නත් පුලුවන් එහෙ සේවය කොරන අයගෙන්..මොකද ලංකාවෙන් ගිය රැකියා කරන බොහෝමයක් අය එහේ ඉන්නව ….එහෙනම් කතාව ඉවරයි පින්තූර ටිකත් බලලම ඉන්ඩලා පින්තූරවල තියන සොහොන ඇහැලේපොල නිලමෙගෙ ඕන් එකෙ ගහලම තියනව කන්ද උඩරට රජතුමා ගෙ නිලමෙ කෙනෙක් කියලත්

උපුටා ගැනීම

ඩොන්…

Check Also

පිරිමි වැඩියෙන්ම ආස කරන්නේ කාන්තාවන්ගේ මේ දේවල් වලට

කාන්තාවන් නිතරම සිතන්නේ පිරිමින් තමන්ට ආකර්ෂණය වෙන්නේ තමන්ගේ ඇති පෙනුම නිසා කියලයි. නමුත් ඒ දේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super