පිරිමි වැඩියෙන්ම ආස කරන්නේ කාන්තාවන්ගේ මේ දේවල් වලට

කාන්තාවන් නිතරම සිතන්නේ පිරිමින් තමන්ට ආකර්ෂණය වෙන්නේ තමන්ගේ ඇති පෙනුම නිසා කියලයි.

නමුත් ඒ දේ හැමවිටම සත්‍ය වෙන්නේ නෑ. හේතුව තමයි ගොඩක් පිරිමි තමන් ජීවිත කාලයම ගත කරන්න සිටින කාන්තාවගෙන් බලාපොරොත්තුවන්නේ යහපත් ගතිගුණයි. මෙම ලිපියෙන් කියවෙන්නේ පිරිමියෙක් කාන්තාවකගේ වැඩියෙන්ම ආකර්ෂණයවන ගතිගුණ කිහිපයක් පිළිබඳවයි.

01. සැහැල්ලු බව

සමහර කාන්තාවන් සිටිනවා හැම දෙයක් ගැනම හිතන්නේ බොහොම බරපතළව. මේ අයට කිසිම වැඩක් පහසුවෙන් කරගන්න බැහැ. ඔවුන් ජිවිතේ බොහෝ තැන් වලදී අසාර්ථකයි. මේ නිසා සැහැල්ලුවෙන් කාලය ගත කරන කාන්තාවන්ට පිරිමි ආකර්ෂණය වැඩියි.

02. ආත්ම විශ්වාසය

කාන්තාවක් සමාජය විසින් දුර්වල කෙනෙක් බවට පත් කරන්න උත්සහ කරත් ඔබ හොද ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් නම් ඔබට පිරිමින්ගෙන් ලැබෙන්නේ වැඩි ආකර්ශනයක්. මොකද හැම ප්‍රශ්නෙකටම අඩන කාන්තාවකට වඩා ඒ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කාන්තාවකට පිරිමි වැඩි කැමැත්තක් දක්වනවා.

03. බුද්ධිමත් බව

කාන්තාවක් බුද්ධිමත් කෙනෙක් නොවුනොත් ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න ප්‍රමාණය ඉතා වැඩියි. හිතන්න කාන්තාවකට තේරෙන්නේ නැතිනම් පවුල් ජීවිතේ වගකීම් ගැන, ඇය සකසුරුවම ගැන දැනුවත් නැතිනම්, දරුවන්ට හොද නරක කියාදීමට තරම් දැනුමක් නැතිනම් මේ හැම දෙයකින්ම විනාශ වෙන්නේ ඇයත් සමග ජීවිතය ආරම්භ කරන පිරිමියාගේ ජීවිතය. මේ නිසා පිරිමි වැඩි ආකර්ශනයක් දක්වන්නේ බුද්ධිමත් කාන්තාවන්ට.

04. සරල බව

සමහර කාන්තාවන් ඉන්නවා මේ අය හරියට ඇවිදින විසිතුරු බඩු කඩ වගේ. මේ අය අදින්න පළදින්න ගියත් මොන වැඩක් කරන්න ගියත් හැම දෙයක්ම කරන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන්. නමුත් පිරිමින් නම් වැඩි කැමැත්තක් දක්වන්නේ සරල කාන්තාවන්ට. මේ නිසා ජීවිතේ හැම දෙයක්ම සරලව දකින සරලව කරන කාන්තාවන්ට පිරිමින්ගෙන් හිමිවෙන්නේ වැඩි ආකර්ශනයක්.

05. වගකීම් සහගත බව

කාන්තාවක් කියන්නේ සමාජයේ වැඩි වගකීම් ප්‍රමාණයක් හිමිවෙන කෙනෙක්. මේ නිසා පිරිමියෙක් සොයා බලන මුලිකම දෙයක් තමයි කාන්තාවකට මේ සියලු වගකීම් දරන්න පුලුවන්ද කියන කාරණාව. ඇත්තටම හැම කාන්තාවක් සතුවම තියෙනවා මේ වගකීම් හොදින් ඉටු කිරීමේ හැකියාව. නමුත් සමහර කාන්තාවන් උවමනාවෙන්මයි මේ වගකීම් පැහැර හරින්නේ. මේ නිසා ඔබට පුළුවන් නම් වගකීම් සහගත කාන්තාවක් වෙන්න අනිවාර්යෙන්ම ඔබට හිමිවෙන පිරිමි ආකර්ෂණය වැඩියි.

06. කාරුණිකභාවය

කාන්තාවන් තද ගතිගුණ තියෙන අය විදිහට හැසිරෙන විට ඔවුන්ගේ නියම ලස්සන පෙනෙන්නේ නැහැ. මොකද කාන්තාවක් කියන්නේ බොහොම මෘදු ගතිගුණ තිබිය යුතු කෙනෙක්. ඇයට තිබෙන්නේ කාරුණික හදවතක් නම් ඇයගේ ලස්සන තව තවත් ඔප නැංවී පෙනෙන්න ගන්නවා. මේ නිසාම පිරිමින්ගේ වැඩි ආකර්ශනයක් ඔවුන්ට හිමි වෙනවා. ඔබටත් කාරුණික කාන්තාවක් වෙන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම හැකියාවක් තිබෙනවා පිරිමින්ගේ වැඩි ආකර්ශනයක් දිනාගන්න.

– උපුටා ගැනීම අන්තර්ජාලයෙන් –

Check Also

Herbal-treatment-yako_lk

ඇස් යට කළු වීම නිසා පීඩා විඳින ඔබට වැදගත්ම ලිපියක්

ඕනෑම කෙනෙකුගේ මුහුණේ සුන්දරත්වය වැඩි වෙන්නේ ඇස් වලින්. ඇස් යට කළු වෙලා නැතිනම් රැලි වැටිලා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super