Skinny Jeans අඳිනවා නම් මේ වැරදි කරන්න එපා

Skinny Jeans කියන්නේ වර්තමානය වන විට කාන්තාවන් අතර බහුල වශයෙන් ජනප්‍රිය වුනු විලාසිතාවක්. ඇත්තටම මේ හැම විලාසිතාවක්ම අප වැනි ආසියාතික රටවල් වලට පැමිණීමට පෙර යුරෝපා රටවල් වල ජනප්‍රිය වුනු විලාසිතා. එවැනි ඇතැම් විලාසිතා ලංකාව වැනි රටවල් වල භාවිතා වෙද්දී බොහෝ දෙනෙක් එම විලාසිතාව නිවැරදිවම හඳුනාගත් බවක් පේන්නේ නැහැ. මේ විදියට Skinny Jeans අඳින බොහෝ දෙනෙක් නොදැනුවත්කම නිසා සිදු කරන වැරදි කිහිපයක් තිබෙනවා. විදේශ රටවල මේ විලාසිතාව භාවිතා කරන පිළිවෙල 100% ක්ම අපේ විලාසිතා සමඟගලපා ගැනීමට අපහසු වුනත් කිසියම් අදහසක් ලබා ගැනීම සඳහා මේ ඉඟි කිහිපය ඔබට උපකාර වනු ඇති.

 

Skinny Jeans සමඟ දෙපයට තදින් හිර වන Boots දාන්න එපා. ඒ වෙනුවට දෙපයට හිර නොවන ආකාරයේ Boots යුගලක් භාවිතා කරන්න.

පිළිවෙලකට නැති Top එකකට වඩා Skinny Jean එකකට ගැලපෙන්නේ පිළිවෙලකට Tuck කර අඳින ලද Top එකක්.

ශරීරයට හිර වුනු Top එකකට වඩා Skinny Jean එකකට ගැලපෙන්නේ තරමක් ඉඩකඩ ඇති Oversize Top එකක්.

Skinny Jean එකක් එක්ක Boots දෙකක් පළඳිනවානම් Jean එකට ඔබේ වළලුකර සම්පුර්ණයෙන්ම ආවරණය වන්නට ඉඩ තබන්න එපා.

Check Also

සුපිරි ගායන ශිල්පී සනුක වික්‍රමසිංහගේ තනියට සනුකගේ ජිවිතයට එකතු වුන අකුත්ම කෙනා

සනුක වික්‍රමසිංහ යනු අපේ රටේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු, ගායකයෙකු වන සංගීත් වික්‍රමසිංහයන්ගේ පුතණුවන් වන අතර, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super